අවිද්‍යාව (බුදු දහම)

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

අවිද්‍යාව (සංස්කෘත; පාලි: අවිජ්ජා) යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ "මුග්ධතාව" හෝ "මෝහය" යන්නයි. බුදු දහමෙහි අවිද්‍යා යනු චතුරාර්ය සත්‍යයන්හී නියම අදහස සහ ගම්‍යාර්ථය තේරුම් නොගැනීම හෝ සක්‍යයෙහි ස්වරූපය පිළිබඳ මූලික අනවබෝධය ලෙසින් මෙය අර්ථදැක්විය හැක.

අවිජ්ජා
පරිවර්තන
ඉංග්‍රීසිignorance,
delusion,
etc.
පාලිඅවිජ්ජා
සංස්කෘතඅවිද්‍යා
(Dev: अविद्या)
බුරුමအဝိဇ္ဇာ
(IPA: [əweɪʔzà])
චීන無明
(පින්යින්: [wú míng] Error: {{Lang}}: text has italic markup (help))
ජපන්無明
(mumyō)
කොරියානු(Hangeul) 무명
(Hanja) 無明

(ප්‍ර.රෝ.: mu myeong)
ටිබෙට්མ་རིག་པ
(Wylie: ma rig pa;
THL: ma rigpa
)
තායිอวิชชา
වියට්නාමvô minh
බුදු දහම ශබ්ද මාලාව

සමාන වචන:

සංස්කෘතඅවිද්‍යා
පාලිඅවිජ්ජා

අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි. බුදු දහමේ ඉගැන්වීම් වල මෙය බොහෝ ලෙසින් සාකච්ඡාවට පාත්‍ර වී තිබේ.

සමාන අර්ථ• චීන Wúming • ජපන් Mumyõ • වියට්නාම් Vô minh • ටිබෙට් Ma.rig.pa

බුදු දහමෙහි සහ බෞද්ධ දර්ශනයෙහි අවිද්‍යාව ප්‍රධාන වශයෙන් සාකච්ඡා වන විෂයයකි. අවිද්‍යාව යනු සංසාරයෙහි දුක ඇති වීමට මූලික හේතුවයි.

1.අවිද්‍යාව ක්ලේශයන් තුනෙන් එකකි.
2.භවචක්‍රයෙහි පළමු ගරාදිය අවිද්‍යාවයි. (Spoke)
3.අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුකයි.

ක්ලේශයන්ගෙන් එකක් ලෙස අවිද්‍යාව, තණ්හාව සහ ඇලිම (උපාදානය)අැති. භවචක්‍රයෙහි පළමු ගරාදිය ලෙස සියලුම දේ ඒ පසු පස ගමන් ගනී. පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුක ලෙස සියලු පුරුක් නොහොත් අනිකුත් සියලු ක්‍රියා දාමයන් වලට හේතුව වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙහි ප්‍රතිවිරුද්ධ තත්වය ප්‍රඥාවයි. ප්‍රඥාව ලබා ගන්නේ දැනුවත්වීම, ඉවසීම ප්‍රගුණ කිරීම සහ ධ්‍යාන වැඩීමෙනි. මෙම අංශ තුන ථේරවාද සම්ප්‍රදායේ ආර්යාෂ්ඨාංගික මාර්ගයේද මහායානයේ පාරමිතා වලද අන්තර්ගත වී ඇත.

එක් පැතිකඩක සිට පැතිකඩ හයක් දක්වා.අවිද්‍යාව යනු දැනීම හීන වීමයි. එය චේතනා සමග සමිබන්ධෙෙවී. වේදනා කාණ්ඩ තුනක් හා බැඳී පවතින පාර්ශවයන් තුනක් ඊට ඇත්තේය. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදන්නා බව ෙහවත් මෝහයයි. සසර ගමනේ නවතින්නට ඉඩ නොදී (සංසාරය) දිගින් දිගට ඇලීම ද අවිද්‍යාවයි. ඉන්ද්‍රය දොරටු හය හෙවත් සලායතන හා බැ‍ෙදන අංශ හයක් අවිද්‍යාවේ ඇත.

ආශ්‍රිත ලිපි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ