අලිමංකඩ

අලිමංකඩ
අලිමංකඩ පිහිටීම
විද්‍යාත්මක වර්ගීකරණය

අලිමංකඩ යනු ශ්‍රී ලංකාවේ ආර්ථික, යුදමය හා පාරිසරික වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති ප්‍රදේශයකි.වන්නි මෙහෙයුමේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක් පසු කරමින් යුද ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් වසර 8 කට පසුව අලිමංකඩ ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට යුද හමුදා භට පිරිස් 2009 ජන 9 උදෑසන සමත් විය.

පරන්තන් ප්‍රදේශයේ බලය අල්ලා ගත් යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් ඉන් අනතුරුව ඒ 9 මාර්ගය ඔස්සේ උතුරු දෙසට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. එමෙන්ම මුහමාලෙයි සහ කිලාලි ප්‍රදේශ වලින් මෙහෙයුම් ආරම්භ කළ යුද හමුදාවේ 53 වන සහ 55 වන ‍සේනාංක දකුණු දෙසට මෙහෙයුම් දියත් කරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.කාලතුවක්කු, සන්නාහ සන්නද්ධ රථ මෙන්ම ගුවන් හමුදාවෙන් එල්ල වූ ගුවන් ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ. උතුරින් සහ දකුණින් එල්ල වූ දැඩි ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන්ට දැඩි හානි සිදු වූ අතර අවසානයේදී අලිමංකඩ අතහැර පලා යාමට ඔවුන්ට සිදු විය.

අලිමංකඩ යුදමය වශයෙන් ඉතාමත් වැදගත්කමක් උසුලන ස්ථානයකි. ඒ 9 (යාපනය - නුවර) මාර්ගයේ පිහිටා ඇති අලිමංකඩ යාපනය අර්ධද්වීපයට ප්‍රවේශ වීමට ඇති එකම ගොඩබිම් මාර්ගයයි. ත්‍රස්තවාදීන්ගේ සියලු සිහින බිඳ දමමින් ඔවුන්ට යාපනය අර්ධද්වීපයට ඇතුළු වීමට තිබූ එකම මාර්ගය ද මේ නිසා අහිමි වී ඇත. අද දිනයේ දී අලිමංකඩ මුදා ගැනීමට භට පිරිස් සමත් විය.

අලිමංකඩ මුදා ගැනීමත් සමග ඒ 9 (යාපනය-නුවර) මාර්ගයේ සම්පූර්ණ බලය ආරක්ෂක හමුදා යටතට පත්විය.

මෙම වැදගත් ස්ථානය සිහිකැඳවීමට රාගම වෛද්‍ය පීඨයේ එක් නේවාසිකාගාරයක් අලිමංකඩ යනුවෙන් නම් කර ඇත.

ගොනුව:Elephant pass 1.jpg

තවදුරත්

  • ශ්‍රීලංකාවේ ස්ථාන නාම
  • ශ්‍රී ලංකාවේ වනාන්තර

References

80°24′32″E / 9.54726°N 80.408936°E / 9.54726; 80.408936

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අලිමංකඩ&oldid=457398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ