අනුරාධා කොයිරාල

අනුරාධා කොයිරාල යනු නේපාල ජාතික සමාජ ක්‍රියාකාරිනියක සහ මයිති නේපාල් යන ලිංගික සේවා සදහා කුට්ටනයට එරෙහි ලාභ නොලබන සංවිධානයේ අධ්‍යක්ෂවරියකි.[1] මයිති නේපාල් සංවිධානය වර්තමානයේ නේපාලයේ කත්මන්ඩු නුවර ආශ්‍රිතව ආරක්ෂක නිවස්නයක් සහ පාසලක්‌ පවත්වා ගෙන යනු ලබයි. මිට අමතරව නේපාලය පුරා සහන නිවස සකස් කොට ඇති අතර විශේෂයෙන්ම මායිම් නගරවල ඇගේ සේවා නිවස්න ඇත. මයිති නේපාල් යනු නේපාල භාෂාවෙන් "මවගේ නිවහන" යන්නයි. ඉන්දියාවට ගණිකාවන් ලෙස ගෙනයන අසරණ කාන්තාවන් ඉන් ගලවාගෙන ඔවුන්ට තම නිවෙස් වලට යන තෙක් , නැත්නම් ගැලපෙන ජීවිකාවක් ලැබෙන තෙක් පිහිටවීම මයිති නේපාල් හි සේවාවන්ට අයත් වේ.

මිට අමතරව ඔවුන් මෙම කාන්තාවන් ඔවුන්ගේ පවුල් හා එක් කිරීමේ නිරත වෙන අතර , ඉන්දීය දේශ සිමා ආරක්ෂක සේවා හා එක්ව ලිංගික මෙහෙයන් සදහා නේපාලයෙන් පිටමං කරන කාන්තාවන් සොයා ඔවුන්ට පිහිටවීමේ නියැලේ. කොයිරාල ඇගේ සේවය සදහා මැසූචෙට්‌ හි The Peace Abbey සංවිධානයෙන් Courage of Conscience සම්මානයට[2]පත්‍රව ඇති අතර 2010 වසර සදහා CNN විසින් පිරිනැමෙන හොදම සී.එන්.එන් වීරයන් දස දෙනා ගෙන් කෙනෙකු ලෙස සම්මානයට භාජනය විය.

මුලාශ්‍ර

බාහිර සබැදි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අනුරාධා_කොයිරාල&oldid=591241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ