විසල් සත්ත්ව සංහතිය
භෞමික සත්ත්ව විද්‍යාවෙහි, මහා ජන්තුකයෝ හෝ විසල් සත්ත්ව සංහතිය හෝ යනු, විශාල හෝ යෝධ හෝ සත්ත්වයෝ වෙති. මෙය සඳහා වඩාත් පතල කඩඉම් වන්නේ 40 කිලෝග්‍රෑම් (90 රාත්තල්) ට වඩා බර වැඩි වීම හෝ,[1] 44 කිලෝග්‍රැම් (100 රාත්තල්) ට වඩා බර වැඩිවීම හෝ,[2][3] මෙට්‍රික් ටොන් එකක් එනම් 1,000 කිලෝග්‍රෑම් (2,205 රාත්තල්) ප්‍රමාණයකට වඩා බර වැඩිවීම හෝ වෙයි. [1][4][5] මෙම කඩඉම් භාවිතය වෙතින්, පතල වශයෙන් අති විශාල යැයි නොසිතෙන, සුදු-වලගයැති වලහා, රතු කැන්ගරුවා, සහ මිනිසුන් වැනි සත්ත්ව විශේෂයන් පවා මෙම විසල් සත්ත්ව ගණයට ඇතුලත් වෙයි.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dc/Elephant_near_ndutu.jpg/220px-Elephant_near_ndutu.jpg)
ශාස්ත්‍රීය සහ ජනප්‍රිය ලේඛනයෙහි වඩාත් පොදු ලෙසින් දක්නට ලැබෙන සාමාන්‍ය භාවිතය වන්නේ, මිනිසුන්ට වඩා දළ වශයෙන් විශාල සහ (සම්පූර්ණ) වශයෙන් හීලෑ නොකෙරුණු භෞමික ක්ෂීරපායියන් සඳහා මෙම පදය යෙදීමයි. මෙම පදය විශේෂිත වශයෙන් ආශ්‍රිත වන්නේ, උන්ගේ වර්තමාන ප්‍රතිපූරණයන්ට වඩා බොහෝවිට විශාල සහ අවසන් අයිස් යුගය හා සමගින් පුරාකෘතික ලෙසින් සැලකෙන, උන්ගෙන් බහුතරයක් උතුරු යුරේසියාව, ඇමරිකාවන් සහ ඕස්ට්‍රේලියාවෙහි ජීවත් වී මෙයට වසර 10,000–40,000 පෙර යන මෑතකදී වඳවී ගිය, මැමත් වැනි භෞමික සත්ත්වයන් අයත් වන්නාවූ, ප්ලයොස්ටොසීන මහා ජන්තුකයන් සඳහාය. [6] විශාලතම විද්‍යාමාන වනගත භෞමික සත්ත්වයන් සඳහාද, විශේෂයෙන් ඇතුන්, ජිරාෆයන්, හිපපොටේමසයන්, රයිනෝසරයන් සහ, විශාල ගවයන් සඳහාද මෙය පොදු ලෙසින් ව්‍යවහාර වෙයි. ඔවුන්ගේ පෝෂණ මාදිළිය අනුව, විසල් පැළෑටි භක්ෂකයෝ (නිද., එල්ක්), විසල් මාංස භක්ෂකයෝ (නිද., සිංහයන්) සහ, ඉතා විරල ලෙසින්, විසල් සර්වභක්ෂකයෝ (නිද., වලසුන්) ලෙසින්ද මහා ජන්තුකයන් උපවර්ගීකරණය කළ හැක.