ඩැනියෙල් ක්‍රේග් |
---|
![](//upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ed/Daniel_Craig_3%2C_2012.jpg/195px-Daniel_Craig_3%2C_2012.jpg) ඩැනියෙල් ක්‍රේග් ස්කයි ෆෝල් මංගල දර්ශනයදා, 2012 නොවැම්බර් 16 සිඩ්නිහිදි |
උපත | ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග් 2 මාර්තු 1968 (1968-03-02) (වයස 56)[1]
|
---|
රැකියාව | රංගනය |
---|
සක්‍රීය වසර | 1992–වර්තමානය |
---|
කලත්‍රයා(යන්) | ෆියෝනා ලුඩන් (1992–1994) රේචල් වයිස් (2011–present) |
---|
දරුවන් | 2 |
---|
ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග්[2] බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් (James Bond) චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය[3]. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ (National Youth Theatre) ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ (Guildhall School of Music and Drama) උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන දිවියේ ආරම්භය එළිසෙබෙත් (Elizabeth), ද පවර් ඔෆ් වන් (The Power of One), අ කිඩ් ඉන් කිංග් ආතර්ස් කෝට් (A Kid in King Arthur's Court) වැනි සිනමා පට හා ෂාප් ඊගල් (Sharpe's Eagle), සෝරෝ(Zorro) වැනි රූපවාහිනි මලා නාටක වල සුළු චරිත රඟපෑමෙන් සනිටුවහන් විය. ලව් ඉස් ද ඩෙවිල් (Love Is the Devil), ද ට්‍රෙන්ච් (The Trench) හා සම් වොඊසස් (Some Voices) යන සිනමා පට වල ඔහුගේ රඟපෑම් සිනමා කර්මාන්තයේ වැඩි අවධානයක් ඔහු වෙත දිනා දීමට සමත් විය. එමගින් ඔහුට ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර් (Lara Croft:Tomb Raider), මියුනිච් (Munich) වැනි විශාල නිෂ්පාදන වල චරිත නිරූපනයට අවස්ථාව උදා විය.
පියර්ස් බ්‍රොන්සන් (Pierce Brosnan) ගෙන් පසු ජේම්ස් බොන්ඩ් චරිතය ක්‍රේග් හට හිමි වීම අන්තර්ජාතිකව ඔහුට කීර්තිය අත් කර දෙන ලදි. ජේම්ස් බොන්ඩ්ගේ චරිතය සඳහා ක්‍රේග් ගැලපීම පිළිබඳව ආරම්භයේදි බොහෝ දෙනා සැක පහළ කරන ලද නමුත් කැසිනෝ රෝයල් (Casino Royale) හි ඔහුගේ ප්‍රථම ජේම්ස් බොන්ඩ් නිරූපණයෙන්ම මහත් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයක් දිනා ගන්නා ලදි. එම රංගන කුසලතාව ඔහුව බැෆ්ටා සිනමා සම්මාන උළෙලේ (BAFTA award)හොඳම රංගනය සඳහා යෝජනා වීමට තරම් ප්‍රභල විය. එමෙන්ම කැසිනෝ රෝයල් සිනමා පටය ඒ වන විට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් උපයා තිබු ඉහළම ආදායම ලබා ගැනිමටද සමත් විය. ඔහුගේ දෙවන බොන්ඩ් නිරූපනය ඊට වසර දෙකකට පසු කොවොන්ටම් ඔෆ් සොලෙස් (Quantum of Solace) සිනමා පටයෙන් දැකගත හැකි විය.ඔහුගේ තෙවන බොන්ඩ් චිත්‍රපටය වන ස්කයි ෆෝල් (Skyfall) 2012 වසරේ අග භාගයේදි තිර ගත වු අතර එය මෙතක් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් ඉපැයූ ඉහළම ආදායම් වාර්තාවට හිමි කම් කියයි.[4][5]
ඩැනියෙල් ක්‍රේග් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට සහභාගී වන අතර තුරම අනෙකුත් චිත්‍රපට වලටද රංගනයෙන් දායක වනු ලබයි. ඔහු මෑතකදි ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ (The Girl with the Dragon Tattoo) සිනමා පටයට රංගනයෙන් දායකත්වය සැපයීය.
ක්‍රේග් 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදි දෙවන එළිසෙබෙත් මහ රැජින (Queen Elizabeth II) සමග අරාධිත රංගනයකද නිරත විය.
ක්‍රේග් විවාහ වි සිටින්නේ නිළියක වන රේචල් වයිස් (Rachel Weisz) සමඟය ඇය ඔහුගේ දෙවන බිරිඳයි.ඔහුගේ පළමු විවාහයෙන් එලා නම් වු දියණියක් සිටි.
මුල් අවධිය
ක්‍රේග් එංගලන්තයේ චෙෂර් හි බටහිර චෙෂර් රෝහලේදි උපත ලැබීය.[6] ඔහුගේ මව කැරොල් ඔලිවියා චිත්‍ර ගුරුවරියකි ක්‍රේග්ගේ පියා තිමති ජොන් වොරොග්ටන් ක්‍රේග් තානායම් හිමිකරුවෙකි. එමෙන්ම ඔහු නාවික නිලධාරියෙක් ලෙස බ්‍රිතාන්‍ය වෙළද නාවික හමුදාවේ (Merchant Navy) සේවය කරන ලදි.[7][8][9] ඔහුගේ දෙමව්පියන් වේල්ස් සම්භවයක් සහිත පුද්ගලයන් වේ.[10]ක්‍රේග්ගේ පාසල් අවධිය ලිවර්පූල් (Liverpool) අශ්‍රිතව සිදු විය. ඔහු අවුරුදු හයේ සිට පාසලේ නාට්‍යය සඳහා දායක විය.ඔහුගේ මව සමඟ ලිවර්පූල් නගරයේ පිහිටි එව්රිමන් නට්‍යය ශාලාවට සහභාගි වීමෙන් රංගනය විධිමත් ලෙස හැදෑරිමට ඔහුට අවස්ථාව උදා විය.[11] ක්‍රේග් වයස අවුරුදු දහසයේදි ලන්ඩනයට සංක්‍රමනය වු අතර එහිදී ජාතික තරුණ නාට්‍යය පාසලට ඇතුලත් විය.[9] එමෙන්ම ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ වසර තුනක් කොලින් මැක්රොමැක් (Colin McCormack) යටතේ රංග කලාව හදාරා 1991 දි උපාධිය සමත් විය.
වෘතිය ජිවිතය
සංක්ෂිප්තය
1993 වසරේ රාජකීය ජාතික නාට්‍යය ශාලාව (Royal National Theatre) මඟින් නිෂ්පාදනය කළ ටෝනි කුෂ්නර්ගේ (Tony Kushner) ඒන්ජ්ල්ස් ඉන් ඇමරිකා (Angels in America) වේදිකා නාට්‍යයේ ජෝ නැමති චරිතය ක්‍රේග් විසින් නිරූපනය කළේය. එම වසරේදිම ක්‍රේග් යෝක්ෂයර් රූපවාහිනි නාළිකාවේ (Yorkshire Television) හාට්බිට් (Heartbeat) රූපවාහිනි මාලා නාටකයේ කථාංගයකට රංගනයෙන් දායක විය.[12] එය 1993 වසරේ ඔක්තෝබර් මස තිස් එක් වන දින විකාශනය විය.ඔහු මුල් යුගයේ රඟපෑ ජනප්‍රිය චරිත අතර 1996 වසරේ BBC නාළිකාවේ විකාශය වු අවර් ෆ්‍රෙන්ඩ්ස් ඉන් නෝර්ත් (Our Friends in the North) මාලා නාටකයේ ජොර්ජි චරිතය , ඇන්ජලීනා ජෝලි (Angelina Jolie) සමඟ ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර් (Lara Croft:Tomb Raider) චිත්‍රපටයේ රඟපෑ චරිතය, සෑම් මෙන්ඩෙස් (Sam Mendes) අධ්‍යක්ෂණය කළ රෝඩ් ටු පර්ඩිශන් (Road to Perdition) හි ටොම් හෑන්ක්ස් (Tom Hanks) හා පෝල් නිව්මාන් (Paul Newman) සමඟ රඟපෑ චරිතය විශේෂයෙන් සදහන් කළ හැක. ඔහු ප්‍රධාන චරිත නිරූපනය කළ අනෙකුත් චිත්‍රපට ලෙස 2001 වසරේ ස්වොඩ් ඔෆ් හොනර් (Sword of Honour), 2003 වසරේ ඈන් රීඩ් (Anne Reid) සමඟ ද මදර් (The Mother), 2003 වසරේ ගුවිනත් පැල්ට්‍රොව් (Gwyneth Paltrow) සමඟ සිල්වියා (Sylvia), 2004 වසරේ සියැනා මිලර් (Sienna Miller) සමඟ ලේයර් කේක් (Layer Cake), එම වසරේම රිස් අයිෆන්ස් (Rhys Ifans) සමඟ එන්ඩියුරින් ලව් (Enduring Love), 2005 වසරේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ මියුන්ච් (Munich), 2006 වසරේ ඉන්ෆමස් (Infamous) හා කැසිනෝ රෝයල් (Casino Royale), 2007 වසරේ ද ගෝල්ඩන් කොම්පස් (The Golden Compass), 2008 වසරේ කොවොන්ට්ම් ඔෆ් සොලෙස් (Quantum of Solace) හා ඩිෆයන්ස් (Defiance), 2011 වසරේ ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ (The Girl with the Dragon Tattoo) හා කව් බොයිස් ඇන්ඩ් ඒලියන්ස් (Cowboys & Aliens), 2012 වසරේ ස්කයි ෆෝල් (Skyfall) යන චිත්‍රපට විශේෂයෙන් සඳහන් කළ හැක.
ජේම්ස් බොන්ඩ් 2005 සිට වර්තමානය දක්වා
2005 වර්ෂයේදි ඉයොන් නිෂ්පාදක සමාගම (Eon Productions) කැසිනෝ රෝයල් චිත්‍රපටියේ බොන්ඩ් චරිතය නිරූපණය කිරීම සඳහා ක්‍රේග් සමඟ ගිවිසුම් අත්සන් කරන ලදි. බොන්ඩ් චිත්‍රපටි මාලාව මුදල් ඉපැයිය හැකි උල්පතක් බවත් මෙම චරිතය බාරගැනීමේ ඇති අභියෝගාත්මක බව මනාව වටහා ගෙන සිටින බවත් මෙහිදි ක්‍රේග් විසින් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ජේම්ස් බොන්ඩ් චරිතය භාවාත්මක මානයක් කරා ගෙන යාමට උත්සහ දරන බවද එහිදී ඔහු විසින් සඳහන් කළේය.[13] 1968 උපත ලද ක්‍රේග් බොන්ඩ් චිත්‍රපටි මාලාව අරම්භවීමෙන් පසු හා ජේම්ස් බොන්ඩ් නවකථා මාලාවේ රචක ඉයන් ෆ්ලෙමින් (Ian Fleming) මිය යාමෙන් පසු උපත ලද ,බොන්ඩ් චරිතයක් නිරූපණය කරන ප්‍රථම නළුවා විය. බොන්ඩ් චරිතය සඳහා ක්‍රේග්ගේ තෝරාගැනිම එකල මත භේදයට තුඩු දුන් කරුණක් විය.බොහෝ දෙනා විසින් නිෂ්පාදක සමාගම නිවැරදි තීරනයක් ගත්තාදැයි සැක පහල කළහ. මෙය කොතෙක් දරුනු වීද යත් චිත්‍රපටය නිෂ්පාදනය කරන මුලු කාල සීමාව තුලම ප්‍රේක්ෂකයන් විසින් අන්තර්ජාලය හරහා මෙම තෝරාගැනිම පිළිබඳව තම නොසතුට හා චිත්‍රපටය වර්ජනය කරන බවට ප්රචාරක ව්‍යාපාරයක් පවා ගෙන යන ලදි.[14]
උස කළු හිස කෙස් ඇති මීට පෙර බොන්ඩ් චරිතය නිරූපනය කළ නළුවන් විසින් බොන්ඩ් චරිතය සඳහා ප්‍රේක්ෂකයන් තුල ගොඩනගා තිබු ප්‍රතිරූපය අඩි පහයි අඟල් දහයක් උස තඹවන් හිස කෙස් ඇති පුද්ගලයෙක් තෝරාගැනිමත් සමඟ බිද වැටීම ප්‍රේක්ෂක විරෝධතා වලට මූලික ලෙස හේතු විය.[15] එමෙන්ම ක්‍රේග් බොන්ඩ් චරිතය සදහා මටසිලිටු වැඩි බව සඳහන් කරමින් එංගලන්තයේ ඩේලි මිරර් (The_Daily_Mirror) පුවත් පතේ මුල් පිටුවේ "The Name's Bland – James Bland" යන සිරස්තලයෙන් යුතු පුවතක් පවා පළ විය.මෙලෙස ක්‍රේග්ගේ තෝරාගැනීම මත භේදයට තුඩු දුන් නමුත් බොහෝ රංගන ශිල්පීන් ප්‍රසිද්ධියේ ක්‍රේග් හට සහය පළ කරන ලදි. විශේෂයෙන් මීට පෙර බොන්ඩ් චරිතයට පණ පෙවු නළුවන් වන පියර්ස් බ්‍රොන්සන්[16] (Pierce Brosnan), තිමති ඩොල්ටන් (Timothy Dalton), ෂෝන් කොනරි (Sean Connery) හා රොජර් මුවර් (Roger Moore) ක්‍රේග්ව තෝරාගැනීම හොඳ තීරණයක් බවට ප්‍රකාශ කරන ලදි.
ඩැනියෙල් ක්‍රේග් 81 වන ඇකඩමි සම්මාන උළෙලේදි, 2009ක්‍රේග්ගේ පළමු බොන්ඩ් රංගනය ඇතුලත් කැසිනෝ රෝයල් චිත්‍රපටය 2006 නොවැම්බර් මස 16 වන දින තිරගත වීම ආරම්භ විය. ක්‍රේග්ට එරෙහිව තිබු සියලු මත බිද හෙළමින් කැසිනෝ රෝයල් (Casino Royale) චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් 594,239,066 වාර්තාගත ආදායමක් උපයාගැනිමට සමත් විය.[17] එය එතෙක් බොන්ඩ් චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායම වේ. එමෙන්ම චිත්‍රපටය තුල ක්‍රේග්ගේ රංගනය ඉමහත් ලෙස ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයට බඳුන් විය.[18] මෙම සාර්ථකත්වය නිසාම ඉදිරි බොන්ඩ් සිනමා පට හතරක් සඳහා නිෂ්පාදකවරුන් ඩැනියල් ක්‍රේග්ව ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා තෝරා ගන්නා ලදි.[19]එමෙන්ම ඔහුට 2006 වර්ෂයේදි චලන චිත්‍ර පිලිබද කලා හා විද්‍යා ඇකඩමියේ (Academy of Motion Picture Arts and Sciences) සාමාජිකත්වයද හිමි විය.[20]
2008 වසරේ කොවොන්ටම් ඔෆ් සොලෙස් චිත්‍රපටය රූගත කිරිම් අතරතුර ක්‍රේග් ඇතුලු නිෂ්පාදක කණ්ඩායමට අනතුරු මාලාවකට මුහුණ දීමට සිදු විය. රූගත කිරිම් අතරතුර ක්‍රේග්ගේ ඇඟිල්ලක් කැපිම[21] , පයින්වුඩ් චිත්‍රාගාරයේ (Pinewood Studios) ගින්නක් හට ගැනීම,මෝටර් රථ දෙකක් අනතුරට භාජනවීමෙන් ක්‍රියාදාම නිරූපන ශිල්පියෙකු බරපතළ තුවාල ලැබීම, රූගත කිරිම් සඳහා යොදාගත් ඇස්ටන් මාටින් (Aston Martin) රථයක් ප්‍රවාහනය කරන අතරතුර මාර්ගයෙන් ලිස්සා ගොස් ඉතාලියේ ගර්දා වැවට (Lake Garda) පෙරළීම ඒ අතර වේ.[22]
තම ජේම්ස් බොන්ඩ් චරිත නිරූපණය පිළිබඳ ක්‍රේග් පවසන්නේ ඔහු සෑම විටම තම ප්‍රධාන චරිතය සාම්ප්‍රදායික වීරයාගෙන් ඔබ්බට ගෙන යාමට උත්සහ දරන බවයි.ඒ පිළිබඳව ඔහු මෙලෙස පවසයි. " ජේම්ස් බොන්ඩ් චරිතයට අවතීර්ණ වන සෑම විටම මම මගෙන්ම ප්‍රශ්න කරනවා , 'මම හොඳ පුද්ගලයෙක්ද නැත්නම් හොඳ පැත්තට වැඩ කරන නිකන්ම නිකන් නරක පුද්ගලයෙක්ද කියලා' මොනවා වුනත් අන්තිමට බැලුවාම බොන්ඩ් කියන්නේ ඝාතකයෙක්. මම කවදාවත් මේ ආකාරයේ කෙනෙක් ගේ චරිතයක අඳුරු පැත්ත නැත්නම් නරක පැත්ත අනාවරණය නොකළ යුතු අකාරයේ චරිත නිරූපණයක යෙදිලා නැ. මම හිතන්නේ නැහැ එවැනි රංගනයක් චිත්‍රපටිය අවසානයේ ඔබව ව්‍යාකූල කරයි කියලා.හැබැයි චිත්‍රපටය අතරතුර ඔබ ප්‍රශ්න කරන්න ඕන ඔහු කවුද කියලා."[23] ක්‍රේග්ගේ ප්‍රියතම ජේම්ස් බොන්ඩ් නළුවා ෂෝන් කොනරි (Sean Connery) බව ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහු මෙලෙසද පවසයි "මම කිසි විටකවත් කිසි කෙනෙක්ව අනුකරණය කරන්නේ නැහැ. අනුකරණය කියන්නේ මම මටම කරගන්න නිරර්ථක ක්‍රියාවක්". ඔහුගේ ප්‍රියතම බොන්ඩ් චිත්‍රපටය වන්නේ 1963 දී තිරගතවු ෆ්‍රොම් රෂියා විත් ලව් (From Russia with Love) සිනමා පටය වේ.[24] වරක් රූපවාහිනි වැඩසටහනකට සහභාගි වු බොන්ඩ් චරිතයට හය වතාවක් පණ පෙවු ෂෝන් කොනරිගෙන් ක්‍රේග්ගේ බොන්ඩ් චරිත නිරූපණය ගැන විමසු විට ඔහු පැවසුවේ එය ඔහු මනස්කාන්ත හා අදහාගත නොහැකි තරම් දක්ෂ ලෙස සිදු කරන බවයි.
2010 වර්ෂයේ අප්‍රේල් මස 19 වන දින ක්‍රේග්ගේ තෙවන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය (ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලවේ විසි තුන්වැන්න) තිරගතවීම එම්.ජි.එම් සමාගමට (MGM) බලපෑ ආර්ථික දුෂ්කරතා නිසා ප්‍රමාද විය.[25] නමුත් ඔවුන් එම චිත්‍රපටය (ස්කයි ෆෝල්) 2012 ඔක්තෝබර් මස විසිතුන්වන දින ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවේ ස්වර්ණ ජයන්තිය සැමරිමට සමගාමීව තිරගත කරන ලදි.[26] ස්කයි ෆෝල් ලද සාර්ථකත්වයත් සමඟම ක්‍රේග් සමග ඉදිරි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කළ බව 2012 සැප්තැම්බර් මස අටවන දින බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදක සමාගම විසින් සඳහන් කළහ.
අනෙකුත් චිත්‍රපට
පිලිප් පුල්මන්ගේ (Philip Pullman) නවකථාවක් පාදක කර ගනිමින් 2007 වර්ෂයේදි නිපදවු ද ගෝල්ඩන් කොම්පස් (The Golden Compass) සිනමා පටයේ Lord Asriel චරිතය ක්‍රේග් විසින් නිරූපණය කරන ලදි.[27] කැසිනෝ රෝයල් චිත්‍රපටයේ බොන්ඩ් යුවතිය ලෙස රඟපෑ ඒවා ග්‍රීන් (Eva Green) ද එහි රඟපෑමෙන් දායක විය.නමුත් චිත්‍රපටය තුල ඔවුන් දෙදෙනා කිසිම රූප රාමුවක එකට පෙනී සිටියේ නැත. එම නවකථාව පාදක කරගෙන නිපදවු වේදිකා නට්‍යයේ ක්‍රේග් නිරූපණය කළ භුමිකාව නිරූපණය කරනු ලැබුවේ මීට පෙර බොන්ඩ් චරිතය නිරූපණය කළ තිමති ඩෝල්ටන් විසිනි.
සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් 2008 වසරේදි නිපදවු ඩිෆයන්ස් (Defiance) සිනමාපටයේ ක්‍රේග් Tuvia Bielski නම් වු යුදෙව් සටන් කාමියාගේ චරිතය නිරූපණය කළේය. Tuvia Bielski දෙවන ලෝක යුද සමයේදි යුදෙව් සරණාගතයින් 1200කට වැඩි ප්‍රමාණයක් බෙලරෑස් හි වනාන්තරයක් තුල සඟවා ගනිමින් නාසි හමුදාවන්ගෙන් බේරා ගැනිමට සමත් විය.[28]
ඩැනියෙල් ක්‍රේග් 2011 වසරේ ඩේවිඩ් ෆින්ච්ර් (David Fincher) විසින් Stieg Larsson ගේ ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ (The Girl with the Dragon Tattoo) කෘතිය පාදක කර ගනිමින් එම නමින්ම අධ්‍යක්ෂනය කළ චිත්‍රපටියේ පුවත් පත් කලාවේදියකු වන Mikael Blomkvist ගේ චරිතය නිරූපණය කළේය.[29] ස්කොට් මිචේල් (Scott Mitchell) විසින් රචිත කෘතියක් පාදක කරගනිමින් එම නමින්ම තැනු කව් බොයිස් ඇන්ඩ් එලියන්ස් (Cowboys & Aliens) නම් බටහිර විද්‍යා ප්‍රබන්ධයේ ක්‍රේග්, හැරිසන් ෆෝඩ් (Harrison Ford) හා ඔලිවියා වයිල්ඩ් (Olivia Wilde) සමඟ 2011 වසරේදි රංගනයෙන් දායක විය.[30][31]
පෞද්ගලික ජීවිතය
ක්‍රේග් 2006 ජූනි මසඩැනියෙල් ක්‍රේග් 1992 දි ෆියෝනා ලුඩන් සමඟ විවාහ විය. ඔවුන් දෙපළට එලා නම් වූ දියනියක් සිටියි. ඔවුන්ගේ විවාහය 1994 දී දික්කසාදයකින් කෙළවර විය.[32]
පළමු බිරියගෙන් දික්කසාද විමෙන් පසු ඔහු ජර්මානු නිළියක් වන Heike Makatsch සමඟ වසර හතක සම්බන්ධතාවක් පැවැත්වු අතර එය 2001 වසරේදි කෙළවර විය.[33] ඉන්පසු ඔහු චිත්‍රපටි නිෂ්පාදිකාවක වු Satsuki Mitchell සමඟ 2004 සිට 2010 දක්වා සම්බන්ධතාවක් පැවැත්විය.[34]
ක්‍රේග් හා නිලි රේචල් වයිස් (Rachel Weisz) දිර්ඝකාලීන මිත්රයින් වන අතර ඔවුන් දෙපළ ඩ්‍රීම් හවුස් (Dream House) චිත්‍රපටයේ එකට රංගනයෙන් දායක විය. ඔවුන් 2010 දෙසැම්බර් මස සිට ප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස හැසිරිමට පටන් ගත් අතර[35] 2011 ජුනි මස විසිදෙවනි දින නිව්යෝක් නගරයේ කුඩා උත්සවයක් පවත්වා විවාහ දිවියට පත් විය.[36][34][37] මේ සදහා ක්‍රේග්ගේ පළමු විවාහයේ දියණිය හා රේචල් වයිස් ගේ පෙර විවාහයේ පුත්‍රයාද සහභාගි විය.[38]
ඩැනියෙල් ක්‍රේග් ලිවර්පූල් පාපන්දු කණ්ඩායමට (Liverpool F.C) සහය දක්වනු ලබයි.[39]
රංග කාර්යයන්
චිත්‍රපට
රූපවාහිනි කතා මාලා
වර්ෂය | කතා මාලාව | භුමිකාව | විකාශය වු රූපවාහිනි නාලිකාව | සටහන් |
---|
1993 | සෝරෝ (Zorro) | ලුතිනන් හිඩල්ගෝ | ද ෆැමිලි චැනල් (The Family Channel) | කථාංග දෙකකට දායක විය (ද එරයිවල් හා ඩේත් ඇන්ඩ් ටැක්සස්) |
ඩ්‍රොප් ද ඩේඩ් මන්කි (Drop the Dead Donkey) | ෆික්ස් | චැනල් 4 (Channel 4) | කථාංගය:"ජෝජ් ඇන්ඩ් හිස් ඩෝටර්" ( තුන් වන කතා මාලාවේ දහ වෙනි කථාංගය) |
ද යන්ග් ඉන්දියානා ජොන්ස් ක්‍රොනිකල්ස් (The Young Indiana Jones Chronicles) | ශිලර් | ABC ද ෆැමිලි චැනල් (The Family Channel) | කථාංගය:"පලස්තින්,1917 ඔක්තෝබර්" ( දෙවන කතා මාලාවේ විසි එක්වන කථාංගය) විකාශය නොවිනි ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් යන්ග් ඉන්දියානා ජොන්ස් ශ්‍රීර්ෂය යටතේ නැවත සංස්කරනය කරන ලදි ( පහලොස් වන පරිච්ඡේදය: ඩෙයා ඩෙවිල් ඔෆ් ද ඩේසට්) |
බිට්වින් ද ලයින්ස් (Between the Lines) | ජෝ රෙන්ස් | BBC1 | දෙවනි කතා මාලාව, පලමු කොටස |
හාට්බිට් (Heartbeat) | පිටර් බෙග් | ITV | කථාංගය:"එ චිලි රිසෙප්ශන්" ( තුන් වන කතා මාලාවේ පස් වෙනි කථාංගය) |
ස්ක්‍රීන් ටු (Screen Two) | ලුතිනන් ගුත් | BBC2 | කථාංගය:"Genghis Cohn" ( දස වන කතා මාලාවේ පළමු වෙනි කථාංගය) |
1996 | අවර් ෆ්‍රෙන්ඩ්ස් ඉන් නෝර්ත් (Our Friends in the North) | ජොර්ජි පිකොක් | BBC2 | රූපවාහිනි කුඩා කතා මාලාවකි |
ටේල්ස් ෆ්‍රොම් ද ක්රිප්ට් (Tales from the Crypt) | බැරි | HBO | කථාංගය:"ස්මෝක් ව්රින්ග්ස්" ( හත් වන කතා මාලාවේ නව වෙනි කථාංගය) |
1997 | ද හන්ගර් (The Hunger) | ජෙරි | Sci Fi නාලිකාව(Sci Fi Channel) | කථාංගය:"Menage a Trois" (පළමු වන කතා මාලාවේ දෙවනි කථාංගය) |
විඩියෝ ක්‍රිඩා
යොමුව
ඉංග්‍රිසි ලිපිය