ඇල්පිටිය, ශ්රී ලංකාව | |
---|---|
අපනාමය(න්): ඇල්පිටිය | |
රට | ශ්රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්රික්කය | ගාල්ල දිස්ත්රික්කය |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලපය (UTC+5:30) |
ඇල්පිටිය , ශ්රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්රික්කයේ පිහිටා ඇති නගරයකි.
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය මගින් ඇල්පිටිය වෙත පහසුවෙන් ලගා විය හැක. කුරුදුගහහැතැක්ම හුවමාරුවට කි.මි 3.8 දුරින් නගරය පිහිටා ඇත. කොළඹ - ගාල්ල ප්රධාන මාර්ගය ඔස්සේ ද ඇල්පිටිය වෙත ලගා විය හැකි අතර අම්බලන්ගොඩ සිට දුර කි.මි 16 කි. එමෙන්ම ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයෙන් තවත් පිවිසුම් මාර්ග 3ක් බෙන්තොට, කොස්ගොඩ සහ අහුන්ගල්ල යන නගර වලින් පවතී. ඇල්පිටිය එහි කදිම කුරුදු නිශ්පාදන සහ පහතරට තේ සදහා සුප්රසිද්ධ වී ඇත. තේ, රබර්, කුරුදු සහ සහල් මෙම ප්රදේශයේ ප්රධාන නිශ්පදන වේ.ප්රදෙශයේ තේ කර්මාන්තශාලා දුසිමකට වඩා ඇති අතර එක් රබර් කර්මාන්තශාලාවක් පිහිටා ඇත.
වැවිලි කර්මාන්තය නිසා නගරය බිහිවූ බවට පිළිගැනෙන අතර එතැන් සිට වර්තමාන තත්වය දක්වා ක්රම ක්රමයෙන් වර්ධනය විය. මේ වන විට එය දිස්ත්රික්කය තුල විශාලතම නගරයක් වන අතර තව දුරටත් ප්රධාන වශයෙන් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය නිසාවෙන් සීඝ්ර වර්ධනයක් පෙන්නුම් කරයි. ඇල්පිටිය, ගාල්ල දිස්ත්රික්කයේ වැඩිම ජනගහනයක් සිටින ඡන්ද බල කොට්ටාශයක් වන අතර ගාල්ල පොලිස් බල ප්රදේශයට අමතරව අලුතින් පොලිස් බල ප්රදේශයක් ද පිහිටුවන ලදී.
79°36′E / 6.25°N 79.60°E / 6.25; 79.60